- ණය මුදල: රු. 15,000
- ණය ආපසු ගෙවීමේ කාලසීමාව: 121 – 183
- ඉක්මනින් සහ කරදරයකින් තොරව ඔබේ පළමු ණය දැන්ම ලබාගන්න
FastRupee Sri Lanka යනු ශ්‍රී ලාංකිකයන් සඳහා ඉතාමත් කඩිනමින් ණය මුදල් නිකුත් කරන මූල්‍ය සේවාවකි. ජනතාව ණය අයදුම්පත් වාණිජ්‍ය බැංකු විසින් ප්‍රතික්ෂේප කිරීමට ඇති ඉඩකඩ වැඩි නිසා මූල්‍ය සහය අවශ්‍ය අයට අන්තර්ජාල හරහා ණය මුදලක් ලබාගැනීම හොඳම විකල්පයකි.

පළමු ණය මුදල රුපියල් 10,000 දක්වා ලබා ගත හැකි අතර, ඔබ ඔබේ ණය මුදල් ආපසු ගෙවීමේ වගකීම් නියමිත කාලසීමාව ඇතුලත ඉටු කර දෙවන වරටද අයදුම් කර ණය මුදලක් ලබාගෙන නියමිත වේලාවට ණය ආපසු ගෙවුයේ නම්, ඔබට පස් ගුණයකින් විශාල ණයක් සඳහා අයදුම් කළ හැකිය. අයදුම්පතක් ඉදිරිපත් කිරීම අපහසු නැත. ණය මුදලක් අයදුම් කිරීම සඳහා ගත වන්නේ විනාඩි 10-15 ක් පමණි. ආයතනය වෙත අයදුම්පතක් යොමු කිරීමට පෙර, FastRupee ණය නියමයන් සහ කොන්දේසි කියවා වටහා ගන්න.
- ණය ගැනුම්කරුගේ වයස අවම වශයෙන් අවුරුදු 20 ක් සම්පුර්ණ වී තිබිය යුතු නමුත් වයස අවුරුදු 80 නොඉක්ම විය යුතුය
- ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම අවශ්‍ය වේ
- ඔබ ඔබේ ආදායම ඔප්පු කළ යුතුයි
- ණය ආපසු ගෙවීමේ කාලසීමාව මාස 3 සිට 6 දක්වා පරාසයක පවතී
- ණය සඳහා 30% ක වාර්ෂික පොලී අනුපාතයක් අය කෙරෙනු ඇත
ඉතාමත් ඉහළ වාර්ෂික පොලී අනුපාත සීමාවක් ඇති නිසා බොහෝ අය මේ සේවාව පිළිබඳව සැකයක් ඇති කරගනී. නමුත් මූල්‍ය ක්ෂේත්රය පිලිබඳ හසල දැනුමක් ඇති විද්වතුන් පැහැදිලි කරන්නේ එවැනි ණය පොලී අනුපාතයක් ඔබ ලබාගන්නා ණය මුදල් ගැන දෙවරක් සිතන්නට සහ හදිසි අවස්ථා වලදී පමණක් ණය භාවිතා කිරීමට ඔබව උනන්දු කරවන බවයි.
අයදුම් කල හැකි හැකි මුදල් වටිනාකම් | රුපියල් 5,000 – 50,000 |
සහන කාලය | දින 91 – මාස 6 |
ණය ගාස්තුව | දිනකට 1% |
වාර්ෂික පොලී අනුපාතය | 30% |
ඔබගේ ප්‍රදේශය | මුළු දිවයිනම ආවරණය වේ |
ණය මුදලක් සඳහා අයදුම් කරන්නේ කෙසේද?
FastRupee යනු ඔබගේ හදිස්සි මූල්‍ය අවශ්‍යතා සඳහා ගැලපෙන වේගවත් විසඳුමකි. සේවාවෙන් ණය මුදලක් අයදුම් කිරීම සඳහා ඔබ පහත කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
- සේවාවේ වෙබ් අඩවියට පිවිසෙන්න.
- ණය මුදල සහ එය ආපසු ගෙවීමේ කාලසීමාව තීරණය කරන්න.
- ඔබගේ සම්බන්ධතා තොරතුරු සමඟ පෝරමය පුරවන්න.
- අයදුම්පතක් ඉදිරිපත් කිරීමට ඔබේ තීරණය තහවුරු කරන්න.
- ඊට පසු, ඔබට ණය තහවුරු කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සඳහා කෙටි පණිවුඩයක් ලැබෙනු ඇත.
- අනුමත වුවහොත්, අදාල මුදල මිනිත්තු කිහිපයකින් ඔබගේ ගිණුමට බැර වේ.
ඔබ යොමු කරන අයදුම්පත ප්රත්ක්ෂේප වුවද එය ප්‍රතික්ෂේප වුයේ කුමන හේතුවක් නිසාදැයි දැනගැනීමට අවශ්‍යනම් පාරිභෝගික සේවා කාර්ය මණ්ඩලය සම්බන්ධ කරගෙන ඔබට ඒ පිළිබඳව අවබෝදයක් ලබාගැනීමට හැකි වේ. ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් Fastrupee.lk හි කළමනාකරුවෙකු හා සම්බන්ධ වී ප්‍රතික්ෂේප වීමට හේතුව තීරණය කිරීමට සහ අමතර ක්‍රියාමාර්ගයකට ඔබව යොමු කිරීමට ඔබට සහාය විය හැක.
ණය වර්ගය | අන්තර්ජාලය හරහා බැංකු ගිණුමට |
අයදුම්කරුගේ වයස | අවුරුදු 20-60 අතර |
රැකියා තත්වය | ස්ථිර රැකියාවක් තිබිය යුතුයි |
ණය පිලිබඳ තීරණය | මිනිත්තු 5ක් ඇතුලත |
ඇපකරුවන් | අවශ්‍ය නොවේ |
ණය ගිවිසුමේ නිර්ණායක වලට අනුකූල වීම
FastRupee Sri Lanka වෙතින් ණය මුදලක් ලබාගැනීමට පෙර, ඔබට ඇති විකල්පයන් හොඳින් සලකා බැලීම, ප්රතිලාභ සහ අවාසි සසඳා බැලීම සහ ඔබට ඇත්ත වශයෙන්ම එම ණය මුදල අවශ්‍යද යන්න තීරණය කිරීම නුවණට හුරුය. මන්ද, ඔබ ණය මුදල ලබාගැනීමෙන් පසු නියමිත කාලසීමාව ඇතුලත ආපසු ගෙවීම් සිදු කිරීම අතපසු කළහොත් ඔබට අනවශ්‍ය අපහසුතා වලට මුහුණ දීමට සිදුවිය හැක. ඒවා නම්:
- දඩ මුදල්
- ප්‍රමාද ගාස්තු
- ණය එකතු කරන්නන්ගේ ඇවටිලි
ණය මුදලක් ලබාගත් ණයගැතියෙකු ඔහුට හෝ ඇයට අදාල ණය ආපසු ගෙවීම් දිගින් දිගටම මගහරි නම්, ඔබේ FastRupee ණය ගිවිසුම ණය එකතු කිරීමේ ආයතනයකට බාරදිමට හැකි අතර, එසේ ණය ආපසු ගෙවීම් මගහරින ණය ගැනුම්කරුවන්ට තරමක් දැඩි ආපසු ගෙවීමේ නියමයන් අනුගමනය කිරීමට සිදුවනු ඇත.
ණය මුදල් ආපසු ගෙවීමේ ක්‍රම
ඔබට FastRupee වෙතින් ණය මුදලක් අයදුම් කිරීමට අවශ්‍ය නම්, ඔබ ණය මුදලක් ලබාගත් පසු ආපසු ගෙවන ආකාරය හෝ ඒ සඳහා ඇති විකල්ප පිළිබඳවද හොඳින් දැනුවත් විය යුතුය:
- සම්ප්‍රදායික ලෙස බැංකු ගනුදෙනුවක් මඟින්
- Pay&Go ටර්මිනල් භාවිතා කරමින්, Fastrupee සේවාව තෝරා ඔබගේ දුරකථන අංකය ඇතුලත් කිරීම තුලින්
- NDB හෝ Sampath Bank අතර මුදල් හුවමාරුවක් කිරීම මඟින්
පාරිභෝගිකයාට තමාට පහසු ඕනෑම විකල්පයක් භාවිතා කරමින් ණය ගිවිසුමේ කොන්දේසි වලට අනුකූලව ණය ආපසු ගෙවීම් සිදුකල හැකිය. ණය ආපසු ගෙවීම් තහවුරු කරගැනීම සඳහා ඔබේ ගෙවීම් වලට අදාල රිසිට්පත් ඔබ සන්තකයේ තබා ගන්න. යම් ගෙවීමක් පිලිබඳ ගැටළුවකට මුහුණ දීමට සිදුවුවහොත් අදාල අංශ වලට මේවා ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.
මාර්ගගත නැතහොත් අන්තර්ජාල ණයක් ගැනීම කෙතරම් නුවණට හුරුද?
අනෙකුත් බොහෝ සේවාවන් මෙන්ම, FastRupee මූල්‍ය ආයතනයද තම සේවා සපයන්නේ ඔවුන්ට අවේනික කොන්දේසි හා නිර්ණායක මතය. යම් අයදුම්කරුවකුගේ අයදුම්පත අනුමත කරන්නේද ප්‍රතික්ෂේප කරන්නේද යන්න ආයතන විසින් තීරණය කරයි. කෙසේ වෙතත්, මූල්‍ය කටයුතුවල සියලු අංශ බැරෑරුම් ලෙස හැසිරවීම වැදගත් වේ. මාර්ගගත ණය සේවාවක ඇති ප්රතිලාභ:
- FastRupee යනු මාර්ගගත මුල්‍ය සේවාවන් සපයන ආයතන අතර වේගවත්ම සේවාවයි.
- ඔබගේ පසුගිය ණය ආපසු ගෙවීම් වාර්තා දුර්වල නොමැති නම්, ඉන්පසු ඔබ ලබාගන්නා ණය මුදල් වටිනාකම ඉහළ යනු ඇත.
- අයදුම් කරන පළමු ණය මුදල සඳහා අඩු පොලී අනුපාතය ලබාගත හැකි වේ.
ලැබිය හැකි වාසි වලට අමතරව ණය මුදලක් අයදුම් කිරීමට පෙර ගනුදෙනුකරුවන් සැලකිලිමත්විය යුතු කරුණු කීපයක් පිළිබඳවද පාරිභෝගිකයන් දැනුවත්විය යුතුය:
- ඉහළ වාර්ෂික පොලී අනුපාතයන්
- Fastrupee විසින් නියම කරනු ලබන දඩ මුදල්, ප්‍රමාද ගාස්තු
- ණයක් ගැනීම සඳහා ආදායම් තහවුරු කිරීම මුලික අවශ්‍යතාවයකි
කෙසේ වෙතත් ඉහත සඳහන් කරන ලද කරුණු පාරිභෝගිකයින්ට අවාසිදායක වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇත. එය Fastrupee ආයතනය තම ව්‍යාපාරය ආරක්ෂා කිරීමට සහ බංකොලොත් භාවයෙන් වැළකී සිටීමට භාවිතා කරන්නා වූ තාක්ෂණික උපක්රමයකි. ඔබ ණය ගිවිසුම අත්සන් කිරීමට පෙර, ණය ගිවිසුමට අදාල සියලු නිර්ණායක හොඳින් අධ්‍යයනය කළ යුතුය. පාරිභෝගික සේවා කාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධ වී අයදුම්කරුවන්ට ඇති ඕනෑම ගැටළුවක් නිරාකරණය කරගැනීමට හැකිය. Fastrupee ආයතනය විසින් ණය ගිවිසුම අත්සන් කිරීමට පෙර එය හොඳින් කියවා තේරුම්ගන්නා ලෙස තම පාරිභෝගිකයින්ට නිරන්තරයෙන් උපදෙස් දෙයි. ඔවුන් එසේ කිරීමට ඔබව පොළඹවන්නේ ඔබ අදාල ණය ආපසු ගෙවීමට අදාල නිර්ණායක, නීති රීති සියල්ල දැනුවත් විය යුතු නිසාය.

Nimal Chandrasiri
I am a specialist of a team that is working on finding worthy loan offers in Sri Lanka. I am engaged in the choice of lending options and assessing the benefits for the client from the transaction.

